අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වෛරසය ආසාදන වී තිබෙනවා.
ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේවෙතත් ජෝ බයිඩන් ජනාධිපතිවරයාට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් වෛරය ආසාදනය වී තිබුණා.
81 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය රෝගී තත්ත්වය හේතුවෙන් අද (18) පැවැත්වීමට නියමිතව තිබු සිය දේශපාලන ප්රචාරක රැස්වීමක් ද අවලංගු කර තිබේ.