විදුලි බිල දැනෙන්න අඩු වුණ හැටි

Facebook
Twitter
WhatsApp

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළා.

ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව.

ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු වනු ඇති.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය යෝජනාව මඟින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණ ද කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම 22.5%ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මුල් ඒකක 30 දක්වා ඒකකයට මිල රුපියල් 8 සිට 6 දක්වාද, ස්ථාව ගාස්තුව රුපියල් 150 සිට 100 දක්වාද, ඒකක 31 – 60 දක්වා ඒකකයට රුපියල් 20 සිට 9ය දක්වාද, 61 – 90 වූ එකකයට රුපියල් 30 සිට 18 දක්වා ද ඒකක 91 – සිට 120 දක්වා වූ ඒකකයට අය කළ රුපියල් 50 සිට 30 දක්වා ද අඩු කෙරේ.

ඒ අනුව, ගෘහස්ථ අංශයට 27% ක අඩු කිරීමක් සිදු කෙරෙනු ඇති. ආගමික ස්ථාන සඳහා 30 % කින් විදුලි ගාස්තු අඩු කෙරෙන බවයි, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

කර්මාන්ත ශාලා සහ හෝටල් කාණ්ඩයේ දහසු වෝල්ත 42ට අඩු කොන්ත්‍රාත් ඉල්ලුමක් ඇති උප කාණ්ඩය සඳහා මෙතෙක් පැවැත් වූ රුපියල් 37 රුපියල් 30.50ක් දක්වා සහ රුපියල් 25.50ක් වූ ඒකක මිල පිළිවෙලින් රුපියල් 30.50, රුපියල් 18ක් දක්වා අඩුකිරීමටයි එම කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

නව ගාස්තු සංශෝධනයේ දී රාජ්‍ය ආයතන හා පොදු කාර්ය අංශ සඳහා මෙතෙක් පැවති රුපියල් 55, රුපියල් 45 සහ රුපියල් 37 බැගින් වූ ඒකක මිල පිළිවෙලින් රුපියල් 46.75ක්, රුපියල් 38.25ක් සහ රුපියල් 31.45ක් දක්වා අඩුකර තිබෙනවා.

නව ගාස්තු සංශෝධනය සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි 7ක් පනවා ඇත.

විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විට දී විදුලි බිල්පත් නිකුත් කළ යුතු බව ද එම කොන්දේසි අතර වනවා.

විදුලි ගාස්තු වෙනස් වෙන ආකාරය පහතින් දැක්වේ.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick