වෙඩිවැදී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp

අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරිබාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.

මියගොස් ඇත්තේ උඩමළුව පොලිසියේ රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත, අනුරාධපුර යන ලිපිනයේ ජයතිලක(55)නැමති සැරයන්වරයෙක්.

මෙම සැරයන්වරයා මෙදින රැවන්වැලි සෑය පොලිස් මුරපොලේ රාජකාරි බාරව කටයුතු කරමින් සිටි බවයි පොලිසිය කියා සිටියේ.

අද (11) අලුයම පහට පමණ මෙම සැරයන්වරයා පොලිස් මුරපලේ වැටි සිටි බව මේ පිළිබදව පරික්ෂණ පවත්වන උඩමළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වැත්තෑව මහතා සදහන්කළා.

දිවි නසා ගැනීමක්ද වෙඩිතැබීමක් යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick