යූටියුබ් කළ ශ්‍රී ලාංකික කත ෆින්ලන්තයේ දී ඝාතනය කරයි…

Facebook
Twitter
WhatsApp

ෆින්ලන්තයේ ජීවත් වූ Hiruni’s Northern Life නම් ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන ගිය හිරුණි අනුවිලි ගංගොඩවිල ඇගේ නිවසේ දී ඝාතනය කර තිබෙනවා. ඇය ශ්‍රී ලාංකික තිදරු මවක්. ෆින්ලන්ත මාධ්‍ය මේ මරණය සම්බන්ධ වැඩි විස්තර හෙළිකර නොමැති අතර සිද්ධියට සැකපිට අයකු අත්අඩංගුවට ගත් බව පමණක් සඳහන් කර තිබෙනවා.

ෆින්ලන්ත මාධ්‍ය හිරුණිගේ පවුල හඳුන්වා ඇත්තේ දකුණු ආසියාතික පවුලක් ලෙසයි. ඔවුන් බොහෝ කාලයක් එරට ජීවත්වන බව ද සඳහන් කර තිබෙනවා. එසේම මියගිය කාන්තාව සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී බවත් පවුලේ වීඩියෝ නිරන්තරව මාධ්‍යයට යොමුකරන බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මරණය සිදුව ඇත්තේ පසුගිය (24) දින වන අතර එදින සිද්ධියෙන් පසුව මෙම නිවසට ගිය අසල්වැසියෙකු එම නිවසේ දොර අසල විශාල ලේ පැල්ලමක් දැක තිබෙන අතර ඇය මේ සම්බන්ධව එරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇගේ නිවස පිහිටා ඇත්තේ හෙල්සින්කි නුවර වන්තා ප්‍රදේශයේ වන අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවසන්නේ මෙම මරණයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා බවයි.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick