පිරිවෙනත් ඩිජිටල් වෙයි

Facebook
Twitter
WhatsApp

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සැලසුම් කර තිබෙනවා.

එමඟින් පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි, ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමට හැකි වනු ඇතැයි රජය පවසයි.

ඒ අනුව එක් පිරිවෙනක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක් ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමට හැකි වන පරිදි යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනමැතිය ලැබී තිබෙනවා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick