අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව, රෝහල් ආරංචි මාර්ග පවසන බවට එම වාර්තාවේ සඳහන්.
73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලැබූ බව පැවැසෙන්නේ අශ්වයා එල්ල කළ පා පහරකින් බව ඇතැම් වාර්තා පැවැසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වී නොමැත.
ඈන් කුමරිය අශ්වයන්ට ප්‍රිය කරන්නියක්. ඇය බ්‍රිතාන්‍ය රාජකීය අශ්වාරෝහක බලඇණියේ සාමාජිකාවක් ද වනවා.
1976 වසරේ කැනඩාවේ මොන්ක්‍රියාල් ඔලිම්පික් උළෙලට ඇය තුරඟ තරගකාරියක ලෙස ද සහභාගී වුණා.
ඒ, බ්‍රිතාන්‍ය අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකාවක ලෙස.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ පළමු බ්‍රිතාන්‍ය රාජකීය පුද්ගලයා වූයේ ද ඈන් කුමරියයි.