රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසනවා
ඒ අනුව මාසයකට රුපියල් 67500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත්, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.