පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය වුණා. එම සැකකරු කුකුල් චමින්ද නමැත්තෙක්.
ඔහු එම දැරියට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12)අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවති උත්සවයකදී විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.
එසේම මෙම අවස්ථාවේදී තරුෂ සඳරුවන් කොඩිකාරට පොලිස්පති ප්රණාම ද පිරිනමා තිබෙනවා.
ඔහුගේ එම වීඩියෝව මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කුකුල් චමින්දව අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව ඔහුව ජූනි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
පහරකෑමට ලක්වූ කුඩා දැරිය මේ වනවිට පරිවාස භාරයේ පසුවේ