මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කරයි

Facebook
Twitter
WhatsApp

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,ජාතික සංවිධායක හා භාණ්ඩාගාරිකගේ කටයුතුවලට බාධා කිරීම හා ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීම වළක්වමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණය ජූලි 30 දක්වා යළි දීර්ඝ කිරීමට ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද(12) නියෝග කළා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවැන්න මහත්තුරු පැවරු නඩු තුනක් ප්‍රකාරව මෙම වාරණ නියෝග නිකුත් කර තිබුණා.

මෙම නඩුවල විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,සාරතී දුස්මන්ත ,නිමල් සිරිපාලද සිල්වා,හා ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් නම් කර තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශවය පසුගිය මාර්තු මස 30වෙන දින කැඳවා තිබු නීති විරෝධී විධායක රැස්වීමකදී පක්ෂයේ භාණ්ඩාගාරික ජාතික සංවිධායක හා ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම නඩු පවරා තිබෙනවා.

වාරණ නියෝග වලට එරෙහිව විත්තිකරුවන්ගේ විරෝධතා ගොනු කිරීමට දින ලබා දෙන්නැයි කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව අදාළ වාරණ නියෝග ජූලි 30 වැනි දින දක්වා යළි දීර්ඝ කිරීමට නියෝග කරමින් නඩු විභාගය එදින තෙක් කල් තැබුණා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick