මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදෙන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ අමාත්‍ය සර්යෙව් ලැව්රොෆ් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
එම හමුවේදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරු දෙදෙනා අදහස් හුවමාරු කරගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක් සදහන්.
එසේම මේ වනවිට රුසියානු හමුදාව හා එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සබ්රි මහතා අදහස් දක්වා ඇති අතර ඔවුන් වෙනිවෙන් මැදිහත් වන ලෙස ඔහු රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.