2024 ඉන්දීය මහ මැතිවරණයෙන් ජය හිමිකර ගත් නරේන්ද්‍ර මෝදි අද (09දා) පස්වරුවේදී තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නා.
ඉන්දියාවේ ජනාධිපති නිල නිවස වන නවදිල්ලිහි රාෂ්ටපති භවන්හි අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන උත්කර්ෂවත් උත්සවයක් මධ්‍යයේදී ඔහු මෙම දිවුරුම් දීම සිදුකළා.
මෙම දිව්රුම්දීමේ උත්සවයට බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය සහ මාලදිවයින ඇතුළු අසල්වැසි රටවල නායකයින් මෙන්ම බොලිවුඩ් සුපිරි තරු වන ශාරුක් ඛාන්, අක්ෂේ කුමාර් ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියා.