රාජසන්තක ඉඟුරු බෙහෙත් හදන්න මුදා හරී

Facebook
Twitter
WhatsApp

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බෙහෙත් ඉඟුරු සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග 87ක් සඳහා බෙහෙත් ඉඟුරු අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනු ලබන අතර, මේ වන විට වෙළෙඳපොළේ බෙහෙත් ඉඟුරු වල දැඩි හිඟයක් පවතින බව හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලැබ ඇති බෙහෙත් ඉඟුරු ටොන් 5020 ප්‍රමාණයක් පවතින අතර එකී බෙහෙත් ඉඟුරු තොගය සහනදායී මිල ගණන් යටතේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබා ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick