කාලගුණයෙන් රතු නිවේදනයක්

Facebook
Twitter
WhatsApp

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ආරබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා අද (16) උදෑසන 3.00ට මෙම නිවේදය නිකුත් කර තිබෙනවා.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර නැගෙනහිර දේශාංශ 55 සහ 75 අතර මුහුදු ප්‍රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 12ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං පැ.කි.මී. පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

මේ අතර සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි‍යි.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick