වනිදු හසරංග 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ මේ බව නිවේදනය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුවද ක්‍රිඩකයෙකු ලෙස රැදී සිටිමින් රට වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
වනිදුගේ ඉල්ලා අස්වීම පිළිගන්නා බවත් ඔහු ඉදිරියටත් ජාත්‍යන්තර තරගවලදී කණ්ඩායම වෙනුවෙන් යොදාගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.