වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු පැවසුවේ රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවයි.
අද පස්වරුවේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වරයා මේ බව කියා සිටියා
දුම්රිය සාමාන්‍යධිකාරිවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.