අතුරුගිරිය නගරයේ ආරම්භ කළ ටැටූ මධ්‍යස්ථානයක් තුලදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වන්නේ අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක්.
ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් කොටස් වශයෙන් වරින්වර ලැබී ඇති බව සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද උසස් පොලිස් නිළධාරියෙකු සදහන් කළා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ දෙදෙනා ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු ඥාතීන්ට භාර දීමට කටයුතු කර තිබෙනවා.
තුවාල ලැබූ ගායිකා කේ. සුජීවා සහ තවත් පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ සහ ක්ලබ් වසන්තගේ බිරිඳ සමගින් තවත් කාන්තාවක් තුවාල සහිතව කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.