‘CIDයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා” යැයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙය තමා හිතා මතා කුඩු සිද්ධියකට පැටලවීමට කරන ගේම් එකක් බවත්, මේ කරන පවුකාර වැඩේට තම සාප ඉල්ලන බවත් ඇය එහි සදහන් කර තිබෙනවා.
තමා මෝටර් රථය විකුණා වසරක් වන බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිය පරණ මිතුරියක බවත් සදහන් කරන ඇය මිත්‍රත්වය හේතුවෙන් මුදල් දෙපාරකට ලක්ෂ 50 බැගින් දුන්නේ යැයි ද ඇය සටහන් කර ඇත.
වාහනයට මුදල් බාගයක් දී ඇති බවත් එම නිසා වාහනය තමාගේ නමට තවමත් පවතින බවත් පියුමි හංසමාලි පවසනවා.
වාහන විකුණන විට ඔවුන්ගේ මුළු ජාතකයම සොයා වාහන විකුණන්නට වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහණය කළ වාහනය මිලට ගෙන තවම කරදර විදින බවත් ඇය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටිනවා.