අකුරණ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – මාතලේ මාර්ගය (A9) මේ වන විට යළි විවෘත කර ඇති බව පොලීසිය පවසනවා.
එම ගින්න හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය අද (05) පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.
ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිරයාම හේතුවෙන් මෙලෙස මාර්ගය තාවකාලිකව වසාදැමීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
අකුරණ නගරයේ පිහිටි මෙම අවන්හල තුළ ගින්න හටගෙන තිබුණේ අද උදෑසන 6.30ට පමණ.
ඒ සමගම අවන්හලේ සේවය කරමින් සිටි සේවකයින් පිටතට පැමිණි අතර ගින්න වේගයෙන් එම ගොඩනැගිල්ල පුරා ව්‍යාප්ත වුණා.
මේ අතරවාරයේ ප්‍රදේශවාසීන් කඩිනමින් මැදිහත්වී අවන්හල තුළ තිබූ ගෑස් සිලින්ඩර් 50ක් පමණ ඉන් පිටතට ගනු ලැබුවේ ඒවා පිපිරීමෙන් සිදුවිය හැකි මහා විනාශය වළක්වාගැනීම අරමුණෙන්.
ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ කැඳවා තිබු අතර
දැඩි පරිශ්‍රමයකින් පසු උදෑසන 10ට පමණ ගින්න මැඩපැවැත්වීමට ඔවුන්ට හැකි වුණා.
කෙසේ වෙතත් ගිනිගත් අවන්හල අසල පිහිටි තීන්ත අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට සහ ජාත්‍යන්තර පාසලකට ගින්නෙන් හානි සිදුව තිබෙනවා.
ගින්නෙන් පුද්ගල හානි වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නොමැත.