හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 35 දෙනෙකු පමණ තුවාල ලබා මේ වනවිට ප්රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
එම රෝගීන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
අද (04) උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථයේ බද කොටසට දැඩි හානි සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී එම ප්රදේශයේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවති බව අප වාර්තාකරු කියා සිටියා.