රෝබෝවක් සිය දිවි නසා ගනී………මෙන්න විස්තරේ

Facebook
Twitter
WhatsApp

රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළා.

දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බව ගුමී නගර බලධාරීහු පැවසුවා.

මෙම රොබෝවරයා පඩිපෙළෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති බවත් පසුව පඩිපෙළෙන් පහළට වැටී ඇති බවත් ගුමී නගර බලධාරීහු සදහන් කළා.

සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළකර ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර නගර බලධාරීන් රැගෙන ගොස් ඇති බවත් කොරියානු මාධ්‍ය වාර්තා කළා.

මෙම රොබෝවරයාට නගර සභාවේ ලියකියවිලි එහාමෙහා රැගෙන යාමේ කාර්ය පැවැරී තිබී ඇති බවත් මෙම අනතුර සියදිවි නසා ගැනීමක් බව නගරවාසීන් හඳුන්වන බවත් කොරියානු මාධ්‍ය පවසා සිටියා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick