ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා පවසනවා.
ශ්රී ලංකා පොදු ජනපෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නිසි වෙලාවට ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා.