ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මෙයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7, වාණිජ ණය ඩොලර් බිලියන 14.7 සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ඇතුළත් වන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.
ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ අතර කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කරමින් කියා සිටියා.