කෝලි විස්සයි විස්සට සමුදෙයි….

Facebook
Twitter
WhatsApp

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා.

ලෝක කුසලාන අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කෝලි පවසා සිටියේ, මෙම තරගය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් තරගාවලිය බවයි.

“මේ මගේ අවසන් විස්සයි20 ලෝක කුසලානය. අපට ලබාගැනීමට අවශ්‍ය වූණේ මෙයයි.

මේක තමයි මම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් විස්සයි20 තරගය.

මේක ප්‍රසිද්ධ රහසක්. අපි පැරදුනත් මම මේ තීරණය ගන්න හිටියේ.

ඊළඟ පරම්පරාවට ඉන්දීය විස්සයි20 කණ්ඩායම නියෝජනය කිරීමට මේ තමයි කාලය.

ICC තරගාවලියක් ජයග්‍රහණය කරන තෙක් අපි බොහෝ කාලයක් බලා සිටියා” යනුවෙන් කියා සිටියා.

ඉන්දීය කණ්ඩායමට මෙම ලෝක කුසලානය දිනාදීමටද වැඩි දායකත්වයක් දුන් කෝලි, අගනා අර්ධ ශතකයක්ද රැස්කිරීමට සමත් වුණා.

මේ වනවිට 35වැනි වියේ පසුවන කෝලි 2010 වසරේදී ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියට අවතීර්ණ වුණා.

ඔහු මේ වනවිට ඉනිම් 117කට ක්‍රීඩාකර ලකුණු 4188ක් රැස්කරගෙන සිටිනවා. ඒ ශතකයක් හා අර්ධ ශතක 38ක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමින්.

” කෝලි ඔබට ස්තුතියි” – News Dash

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick