භාරතමාතා අපරාජිතව අවසන් ගැටුමට……

Facebook
Twitter
WhatsApp

පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ (27) පැවති අවසන් පුර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම එරෙහි තරගය ලකුණු 68කින් ජයගැනීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබාගනු ලැබුවා.

නායක රෝහිත් ශර්මා පන්දු 39කදී ලකුණු 57ක් රැස් කළා.

ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 103ක් පමණයි.

ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මාහා තරගයට එලබෙන්නේ මින් පෙර ඔවුන් මෙම තරගාවලියේ ක්‍රීඩා කළ සියලුම තරග ජයග්‍රහණය කර අපරාජිතවයි.

ඒ අනුව 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසාන මහා තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick