ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

Facebook
Twitter
WhatsApp

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2022 වසරේ පැවති ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සමත් වු අතර 2023 වසරේ පැවති ආසියානු කුසලාන එක් දින තරගාවලියේ අනු ශූරයින් ලෙස තරගාවලිය අවසන් කළා.

එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ පසුබෑමට ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට ද චෝදනා එල්ල වුණා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick