කෙන්යා රජය හඳුන්වා දුන් නව මූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ විරෝධතා උත්සන්න වී තිබෙනවා. දස දහස් ගණනක් විරෝධතාකරුවෝ, නයිරෝබි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර ඔවුහු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිණි තබා තිබෙනවා.
කෙන්යාවේ පාර්ලිමේන්තුව, ගොඩනැගිලි සමූහයක එකතුවක්. විරෝධතාකරුවන් කඩා වැදී ගිනි තැබුවේ එහි එක් කොටසකට පමණයි. ගින්න පාලනය කර ගැනීමට ගිනි නිවන භටයෝ සමත්ව තිබෙනවා.
පොලිස් නිලධාරීන් සමඟ ගැටෙමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය ජීව උණ්ඩ යොදා ගනිමින් කලහකාරී පිරිසට වෙඩි තැබූ බවත්, පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය සහ ආරක්ෂක අංශ මැදිහත් වී, කෙන්යා ජනාපධිති විලියම් රූටෝ සහ මැති ඇමැතිවරුන් ආරක්ෂිතව පිටතට රැගෙන ගිය බව ද වාර්තාවනවා.
බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් එම නව මූල්‍ය පනත් කෙටුම්පතට පසුගිය කාලය පුරාවට කෙන්යා වැසියන්ගේ විරෝධය පළ වුණා. විරෝධතා උත්සන්නවී ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගනු ලැබුවේ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සමම්ත වන අවස්තාවේ.
විරෝධතා මෙහෙයවීම තරුණ සංවිධාන මැදිහත්වීමෙන් සිදු කෙරුනා. විරෝධතා ආරම්භ වූයේ, ජීවන වියදම් සම්බන්ධයෙන් අර්බුදයක් ඇති අවස්ථාවක බදු ඉහළ දැමීම කිසිසේත් නොකළ යුතු බවත්, නව පනත් කෙටුම්පත හකුළා ගන්නා ලෙසත් බල කරමින්.
පනත් කෙටුම්පත සමම්තවන අවස්තාවේ නයිරෝබි අගනුවරට රැස්වුණු දස දහස් ගණනක් විරෝධතාකරුවන් අතරේ ඇමෙරිකාවේ හිටපු ජනාපධිති බැරැක් ඔබාමාගේ ඥාති සොහොයුරියක සිටි බවත්, පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකට ඇය හසුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් පස් දෙනකු මියගිය බවත්, 13 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. විරෝධතා උත්සන්න වන විට, කෙන්යා ජනාධිපති විලියම් රූටෝ ජනතාව අමතමින් කියා සිටියේ රටේ ජනතාවගේ ආරක්ෂාවට තමන් ප්‍රමුඛත්වය දෙන බවයි.
තම රජය හඳුන්වා දීමට උත්සාහ ගන්නා නව මූල්‍ය ප්‍රතිසංස්කරණවලට සාමකාමීව විරෝධතා පැවැති නමුත් අපරාධකරුවන් ඊට සම්බන්ධ වී, ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බවත් ඔවුන් දිගින් දිගටම මර්දනය කිරීමට තමන් කටයුතු කරන බවත් ජනාපධිතිවරයා පෙන්වා දී තිබෙනවා. ප්රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීමට තමන් හැකි සෑම දෙයක්ම කරන බවත්, සාමයට තර්ජනයක් වීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් ජනාපධිති රූටෝ අවධාරණය කළා.