බසයේ හැපුණ ලොරිය නිසා තිදෙනකුට දිවි අහිමිවුන හැටි

Facebook
Twitter
WhatsApp

මාන්කුලම් පොලිස් වසමේ යාපනය ,මහනුවර ඒ 9 ප්‍රධන මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් ධාවනය වෙමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී ඇති අතර පසුව එය යථා තත්වයයට පත්කරගැනීම සඳහා බස් රථයේ රියදුරු ඇතුලු සහයයකයින් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස පරික්ෂා කරමින් සිට ඇති බවට වාර්තා වනවා.

එම අවස්තාවේ යාපනය දෙස සිටම කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසනවා.

ගැටීම සිදුවන අවස්ථාවේදී බස්රථයේ රියදුරු, ඇතුලු සහයකයින් මෙන්ම මගීන් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

බස් රථයේ රියදුරු සමගින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් මාන්කුලම රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම අවස්ථාවේදී රියදුරු ඇතුලු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick