සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පැවසනවා.
විදේශගතවී සිටින සැකකරුගේ බිරිඳ මුදල් නොඑවීම නිසා කෝපයටපත් සැමියා බිරිය සහ පවුලේ අනික් අය බිය වැද්දවීමට මෙලෙස සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
සැකකරු හුංගම ,බටඅත ප්රදේශයේ පදිංචි කම්කරු වෙකු ලෙස රැකියාව කරන අයෙක්.පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් ඒ වනවිට සැකකරු අධික ලෙස බීමත්ව සිටි බවත් පොලිසිය පැවසනවා.
හය හැවිරිදි දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා ඇය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.