සඳෙන් පස් අරන් එන චීන යානය

Facebook
Twitter
WhatsApp

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණීමට නියමිතයි.

‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, කුඩා යානාවලින් සමන්විත මවු යානයක්. කක්ෂීය යානයක් (ඕබිටර්), පතිත කරවන යානයක් (ලෑන්ඩර්) සහ ඉහළට එසවෙන යානයක් (ඇසෙන්ඩර්) ඇතුළත්.

සඳෙන් පස් එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ යානයේ කැප්සියුලය පෘථිවියට පැමිණෙනු ඇත්තේ, සැලැසුම් කළ පරිදි සහ පෙර ලබා දී තිබුණු උපදෙස් අනුවයි.

‘චැංග් ඊ 6’ කැප්සියුලය පැරෂූට් ආධාරයෙන්, වේගය පාලනය කර ගනිමින්, මධ්‍යම මොංගෝලියාවේ, චීනයට අයත් සීසීවැංග් පළාතේ හුදෙකලා ප්‍රදේශයකට පතිත කෙරෙනු ඇතී.

මෙහෙයුම ක්‍රියාත්මක කළ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනයේ විද්‍යාඥයන්, චීන හමුදාව එක් වී, පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටින බව ද පැවැසෙනවා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick