රටට එන ’’නරක සත්තු’’ නවත්තනේ මෙහෙමයි…..

Facebook
Twitter
WhatsApp

කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව වඩා විධිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 1.3ක වියදමින් ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල කොළඹ වරාය පරිශ්‍රයේදී අද(25) පෙරවරුවේ දී විවෘත කෙරුණා

කොරියා රජය සහ කොරියා අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ සහයෝගයෙන් මෙම නිරෝධායන සේවය අරඹයි.
නව තාක්ෂණය යොදා ගනිමින් ආනයන සහ අපනයන පැළෑටි නිරෝධායනය සඳහා අවශ්‍ය පර්යේෂණ පහසුකම් හා රසායනාගාර පහසුකම් එහි ස්ථාපිත කර තිබෙනවා.

කොරියා රජය 2019 සිට 2024 දක්වා පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය සඳහා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මෙහිදී අදහස් පළකරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මෙරටට ආනයනය කරන පැළෑටි මගින් යම් රෝග මෙන්ම පළිබෝධකයින් රටට ඇතුළුවීම වලක්වා ගැනීමට පියවර ගත් අතර අද සිට එම සේවාව හොඳ පහසුකම් සහිත ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇති බවයි.

මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොරියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon Lee, KOICA ආයතනයේ උප සභාපති Mr. Lee Yunyong, KOICA ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා Ms. Kim Miyungjin මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick