විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ දකුණු අප්රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්රිකාව සමත්වුණා.
ඒ කඩුලු 3කින්
මෙහිදී ප්රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස්කළා.
කයිල් මෙයර්ස් ලකුණු 35ක් රැස්කළ අතර රෝස්ටන් චේස් පන්දු 42කදී ලකුණු 52ක් රැස්කළා.
පිළිතුරු ඉනිම ඇරඹු දකුණු අප්රිකානුවන් පන්දු ඕවර 2කදී කඩුලු 2ක් දැවී ලකුණු 15ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා.
ඒ හේතුවෙන් ඩක්වර්ත් සහ ලුවිස් ක්රමවේදය අනුව දකුණු අප්රිකාවේ ඉලක්කය පන්දු ඕවර 17කදී ලකුණු 123ක් දක්වා වෙනස් වුණා.
ඔවුන්ගේ කඩුලු විටින් විට දැවී ගියද 17 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේදී මාර්කෝ යැන්සන් එල්ලකළ 6 පහරත් සමග තරගය ජය ගැනීමට දකුණු අප්රිකාවට හැකි විය.