බස් රථයක් හා ත්රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
අනුරාධපුර – පාදෙනිය මාර්ගයේ, තලාව ඉන්ධනහල අසලදී අද (23) අලුයම මෙම අනතුර සිදුව තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් සහ 24ක් වූ තරුණයින් දෙදෙනෙක්.
අනතුරට ලක්වූ ත්රිරෝද රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර තුවාලකරුවන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.
විනෝද චාරිකාවක් සඳහා පිරිසක් සමග රත්නපුර සිට යාපනය බලා ගමන්කරමින් තිබූ බස් රථයක ත්රිරෝද රිය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි තලාව පොලීසිය පවසසනවා. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ත්රීරෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ප්රථිවිරුද්ධ මන්තීරුවෙන් පැමිණි බස් රථයේ ගැටී තිබෙන බවයි.