එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.
එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන ආභියාචන කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබෙනවා.
එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයක්.