ඉතිහාසය වෙනස් කළ පාඩමක්

Facebook
Twitter
WhatsApp

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය අද (23) සමත්වුණා.
ඒ එම තරගය ලකුණු 21කින් ජය ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස්කළා.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම එහිදී අර්ධ ශතක ලබාගැනීම විශේෂත්වයක්.
රමනුල්ලා ගුර්බාස් ලකුණු 60 (පන්දු 49) සහ ඊබ්‍රාහිම් සඩ්රාන් (ලකුණු 51) රැස්කළා.

පන්දු යැවීමෙන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් ලකුණු 28කට කඩුලු 3යි. එය මෙම ලෝක කුසලාන තරගාවලියේ කමින්ස් ලබාගත් දෙවැනි හැට්ට්‍රික් එක ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.

ලකුණු 149ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි තර්ජනයක්.
එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 19.2 කදී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 127ක් පම‍යි.

ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 59යි.
නවීන් උල්හක් (3/20) සහ ගුල්බඩීන් නයිබ් (4/20) කඩුලු 7ක් දවා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගියා

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick