පක්ෂ නායකයකු වූ පළියට හෝ තාත්තා ජනාධිපතිවී සිටි පළියට රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සදහන් කළා.
අරෙහෙ මෙහේ ගිහින් බඩු බෙදා කයිවාරු ගහන්නන්ට රටවල් පාලනය කරන්නට හැකියාවක් නැතැයි ද ෆොන්සේකා ඔහු කියා සිටියා.
පක්ෂ නායකයන් වූ පළියට ජනපතිවරණයට ඉල්ලූ විට රටේ ජනතාවට විකල්පයක් නැතිවන බව කී සරත් ෆොන්සේකා මහතා මෙවරවත් රටට හරි නායකයකු තෝරා ගත යුතුව තිබෙන බව කියා සිටියා.
පක්ෂවල ප්රබලයන් යැයි කියන අය සියයට 50ක් දූෂිත බව කී ඒ මහතා තවත් සමහර අයට කිසිම දැක්මක් නැති බව ප්රකාශ කළා.
එමෙන්ම පාලකයා තෝරා ගැනීමේදී ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් එසේ නොවුනහොත් රට නැවත ගොඩ ගත නොහැකි තරම් අගාධයකට ඇද වැටෙනු ඇති බව ද ඔහු සදහන් කළා.