දරුවන්ට යළි දුක් විඳීමට නොදෙන බව ජනපතිගෙන් ප්‍රකාශයක්

Facebook
Twitter
WhatsApp

දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 5 – 10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රටේ කිසිදු දරුවෙකුට දුක්විඳීමට ඉඩ නොතබන බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (19) පැවති උත්සවයකට එක්වෙමින්.

“2022 – 2023 අපි ඔක්කෝටම අමාරු කාලයක් තිබුණේ. අපි හුඟාක් දුක්වින්ඳා. සමහර විට ආහාර වේලක් නැතිව ගියා. සමහර විට පාසලට යන්න බස්රථයක් වාහනයක් තිබුණේ නෑ. දැන් ඒ කාලේ ඉවරයි. මම තීරණය කළා ජනාධිපති වුණාම මේ දරුවන් දුක්විඳින්න ඕනේ නෑ කියලා. පුළුවන් ඉක්මනින් මේකෙන් ගොඩවෙන්න ඕනේ කියලා. ඒ අනුව තමා 2024 අවුරුද්ද වෙනකොට රටේ බංකොලොත්භාවය නැති කරලා, ඊට වඩා හොඳ රටක් දෙන්න ඉන්නේ. අපි පුළුවන් විදියට උදව් කරන්න බලාපොරොත්තු වුණා. පළමු වැන්න අදායම. බොහෝදෙනෙක්ගේ ආදායම් නැතිවුණා. ඒ අනුව අස්වැසුම වැඩසටහනින් පවුල් ලක්ෂ 24කට ආදායම් දුන්නා. දෙවැන්න අයිතිය. ගොඩක් අයට තමන් ජීවත් වුණ ඉඩමේ, තමන් වගා කරපු ඉඩමේ, තමන් ජීවත්වුණ තට්ටු නිවාසයේ අයිතිය තිබුණේ නෑ. ඒ හැම එකේම අයිතිය අපි ජනතාවට දීලා තියෙන්නේ.”

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick