එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ “සුපර් 8” තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.
ශාන්ත ලුසියා හි පැවති එම තරගයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වෝ සිය ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 17.2කදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 181 රැස්කළා. ඒ කඩුලු 2ක් පමණක් දැවී තිබියදී.
ෆිල් සෝල්ට් නොදැවී ලකුණු 87යි.