විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර අවහිරවී තිබෙනවා.
ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහන ධාවනය සිදුකෙරෙන බව අප වාර්තාකරු සදහන් කළා.
විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගයක් පටන් ගෙන අදට දින 45 වැඩි කාලයක් ගතව තිබුණද බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොමැති පසුබිමක සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද (18) මුදල් අමාත්‍යාංශයට පාගමනක් යෑමට සුදානම්ව තිබෙනවා.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.