තර්ජනී යුග දිවියට

Facebook
Twitter
WhatsApp

ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකාවේ තර්ජනි සිවලිංගම් ඊයේ (18) විවාහ දිවියට පිවිස තිබෙනවා.
තර්ජනි අඩි 6යි අගල් 9ක් උස වන අතර, ඇය දැල්පන්දු පිටියේ උසම ක්‍රීඩිකාව ලෙස හැඳින්වේ.

තර්ජනී පසුගිය දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු දැල්පන්දු පිටියට සමුදුන්නා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලි 4ක් නියෝජනය කිරීමට සමත්වු තර්ජනී ආසියානු දැල්පන්දු තරගාවලි 5ක දි ශ්‍රී ලංකාව නියෝජනය කළා.

2019 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවනවිට තර්ජනීට වයස අවුරුදු 40ක්වූ අතර දැල්පන්දු ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩිකාව බවට ඇය පත්වුණා.
ඇගේ එම වාර්තාවම ඇය 2023 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවෙමින් බිඳ හෙලීමට සමත් වුණා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick