ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකමේ තෙවන වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළකිරීමට නියමිතයි.