කලටුවාව ජල පවිත්රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.
හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්රදේශයේදී ඊයේ (17) අලුයම 2ට පමණ මෝටර් රථයක් එහි ගැටීමෙන් නළය පුපුරා ගොස් තිබුණා.
මේ හේතුවෙන් කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ ගණනාවකට ජල සැපයුම අඩාල වූ අතර නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (18) අලුයම 2 පමණ සිට යළි ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව දුර ප්රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇතැයි ද එම මණ්ඩලය සදහන් කළා.