හජ් උත්සවය අදයි

Facebook
Twitter
WhatsApp

ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (17) යෙදී තිබෙනවා.
පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවයි.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේ දී පවත්වන උත්සවය මෙම නමින් හැදින්වේ.
ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව ලෙස සදහන්.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ‍යි.
සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙසයි සැලකෙන්නේ.

මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බවයි.
ලෝක වාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසාද මහඟු පණිවිඩයක් ලබා දෙන බව ද ජනාධිපවරයා සඳහන් කළා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick