පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිනෙන මගීන්ට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වාද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් දුම්රිය යෙදවීමට හැකියාවක් නැහැ.
එම නිසා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් මහව සහ අනුරාධපුර අතර බස් රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට පියවර ගෙන ඇත්තේ.
මේ අතර අනුරාධපුරය හා මිහින්තලය අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එය විවෘත කිරිම හා මංගල දුම්රිය ධාවනය අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී සිදුකෙරුණා.
ජාතික පොසොන් සතිය හෙට (18) සිට ආරම්භ වෙන අතර ඒ වෙනුවෙන් අටමස්ථානය කේන්ද්‍ර කරගනිමින් පිංකම් රැසක් සංවිධාන කර තිබෙනවා.