සංගීත ප්රසංගයකදී ගෙලකපා තරුණයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයක්.
අපරාධය සිදුකළ සැකකරු ප්රදේශයේ තරුණියක් සමග විවාහවී සිට ඇති අතර, ඇය දින කිහිපයකට පෙර ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවද සදහන් වේ.
එම තරුණිය කළුතර ගමගොඩ ප්රදේශයේ පැවති සංගීත ප්රසංගයක් නැරඹීමට පැමිණ, ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේදී සිට තිබෙනවා.
එහිදී උරණ වූ සැකකරු නර්තනයේදී යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබෙනවා.