ගොයම කහ වීම වලක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර යොදන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ දිනවල ඇතැම් ප්‍රදේශවල වගා කර ඇති වී වගා කහ පාටවී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියා.
ගොයම් කහ පැහැතිවීම රෝග තත්ත්වයක් නොව ගොයම් ගසට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම නිසා සිදුවන ඌණ පෝෂණ තත්ත්වයක් බවයි බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසන්නේ.
බොහෝ ගොවි ජනතාව වී වගාව සඳහා යුරියා පොහොර යොදා ඇතත් (මියුරේට් ඔෆ් පොටෑෂ් MOP) හෙවත් බණ්ඩි පොහොර යෙදීමට පියවර නොගැනීම ගොයම් ගස් කහ වීමට හේතුවී තිබෙන්නේ යැයිද වී පර්යේෂණායතනය සඳහන් කරනවා.
වී වගා කරන හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක් බැගින් රජය විසින් සහනාධාර වශයෙන් ලබා දෙන අතර මේ වනවිට රුපියල් මිලියන 4500කට ආසන්න මුදලක් ගොවි ගිණුම් වලට බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.