පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිරවී තිබෙනවා. මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත්තේ පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක්.
දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී දුම්රිය සංඥා පද්ධතිය ද මුළුමනින්ම අක්‍රීයවී තිබෙනවා. දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවටයි වාර්තා වන්නේ.