ජනතාවට ලැබෙන සහන කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Facebook
Twitter
WhatsApp

රජයේ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට හිමි කරදීමට මැදිහත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.
පළාත් ආණ්ඩුකාරවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබෙනවා.
පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පෙන්වාදී ඇති අතර එළැඹෙන ජුලි 03 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවා ගැනීම වෙනුවෙන් දැනට විශ්‍රාම ගොස් සිටින ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන්ව කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 2,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ලබන 19 වනදා අරලියගහ මන්දිරයේ දී සිදුකිරීමට නියමිත බව ද මෙහිදී පවසා තිබෙනවා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick