අවුරා සභාපතිට විශේෂ ප්‍රකාශයක් දෙන්න අවසර

Facebook
Twitter
WhatsApp

රහස් පොලිසිය රුපියල් කෝටි 30ක කපප්මක් ඉල්ලා සිටියේ යැයි චෝදනා එල්ල කරමින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුගේ ඉල්ලීම ලබන 18 සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද(13) දන්වා සිටියා.

සැකකාර තාඹුගල මහතා විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථානාධිපතිවරයා පෙනී නොසිටි හෙයින් මෙසේ දින නියම කෙරුණා.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි තාඹුගල සැකකරු රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ හමුවේ පසුගිය 27 දින කරුණු ඉදිරිපත් කළා.

සැකකාර තාබුගල මහතා සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් මෙම චෝදනාව ඉදිරිපත් කළා.

Facebook
Twitter
WhatsApp

Never miss any important news. Subscribe to our newsletter.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Never miss any important news. Subscribe to our newsletter.

Recent News

Editor's Pick