බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ තට්ටු රැසකට මැක්කන් විශේෂයක් පැතිරීමෙන් එහි රාජ්‍ය ආයතනවල කටයුතුවලට ඊයේ (10) දැඩි බලපෑම් එල්ලවී තිබි ඇතැයි වාර්තාවනවා.
මැක්කන් පතිරීමෙන් එහි එක් අංශයක් ඊයේ වසා දමා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.
පහළ මාලයේ සුනඛයකු මිය යෑමෙන් පසු මැක්කන් මෙලෙස පැතිර ගොස් ඇති බව පවසන එම ආරංචි මාර්ග ඊයේ සවස් වන තුරුම මැක්කන්ගේ අඩුවක් දක්නට නොලැබුණු බවද සඳහන් කළා.
මැක්කන් පැතිරීම නිසා සේවක සේවිකාවන් එම ගොඩනැගිලි සංකීර්ණයේ ආපනශාලා වලින් ආහාර ගැනීමට පවා මැලිකමක් දක්වා තිබූ බවටයි වාර්තාවන්නේ
එම ගොඩනැගිල්ලේ පළමු මහලේ සිට දොළොස්වෙනි මහල දක්වා මැක්කන් පැතිර ගොස් තිබූ බව පැවසේනවා
නාගරික සංවර්ධන අධිකාරිය ළමා කටයුතු අමාත්‍යාංශය, ඇතුළු ආයතන ගණනාවක් මෙම දෙවන අදියර ගොඩනැගිල්ලේ පිහිටා තිබෙනවා.