කොට්ටාව – මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොළේදී පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී අද(12) උදෑසන සිදු වූ අනතුරකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පාදුක්ක සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සාමාන්‍ය බස් රථයක් බස් නැවතුම්පොළට ඇතුල් කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථය ගොඩනැගිල්ලේ ගැටී නතර කර තිබූ තවත් බස් රථයක හැපීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
එහිදී පාදුක්ක පිටකොටුවේ බස් රථයේ ගමන් ගත් මගීන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.